කඩුවෙල වෙලේ හන්දියේ කසල ගොඩ ඉවත් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා කඩුවෙල මහ නගර සභාවට නියෝග කළේය.
කොම්පෝස්ට් පොහොර සැදීම සදහා එහි ගොඩ ගසා ඇති කුණු ගොඩ සෞඛ්‍යයට හා පරිසරයට බලවත් ප්‍රශ්නයක් බව කියමින් කඩුවෙල උප නගරාධිපති බුද්ධික ජයවිලාල් ,ජ වි පෙ නාගරික මන්ත්‍රී අසිත නිරෝෂණ, එ ජා ප මන්ත්‍රී අජිත් රුද්රිගු ඇතුළු දස දෙනෙකුගේ පෙත්සම් මහෙස්ත්‍රාත‍් විසින් සලකා බැලිණි.
නගරාධිපති ජී එච් බුද්ධදාස , නාගරික කොමසාරිස් ගාමිණි ගුණසේකර වග උත්තරකරුවෝය.
දිනකට කසල ටොන් තිස්පහක් පමණ ගොඩ ගැසෙන බව පෙත්සම්කරුවෝ කීය.
ලබන 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයිද මහේස්ත්‍රාත් වග උත්තරකරුවන්ට දැන්වීය.