කඩුගන්නාවේ කඩ හිමියෝ විරෝධයක


කඩුගන්නාව කැප්ටන් ඩෝසන් කුලුන අවට සංවර්ධනය කර භූ දර්ශනය කිරිම සඳහා අවට මාර්ගය අසල කඩවල වසර ගණනක සිට පදිංචිව සිටින ව්‍යාපාරිකයන් ඉවත් කිරිම සඳහා එම ස්ථාන නිරීක්ෂණයට ගිය කඩුගන්නාව නගර සභා නිලධාරින්ට ඔවුහු විරෝධය දැක්වූහ.

තමන්ට ස්ථිර ස්ථාන ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලති.

ඩෝසන් කුලුන ආශ්‍රිතව ඇති පැරණි කඩ කාමර කඩා ඉවත් කර නව කඩ කාමර ඉදි කර සංචාරකයන් සඳහා වාහන නැවතුම්පොළක් ඉදිකිරිම ව්‍යපෘතියේ මුලික අදියර වේ.

කඩුගන්නාව නගරසභා ලේකම් ඩී.එම්.පී.කේ දිසානායක මහත්මිය විරෝධතාකරුවන්ට පවසා සිටියේ පදිංචිය තහවුරු කිරීම සදහා අවශ්‍ය ලිපි ලේඛන ලබා දෙන ලෙසයි.

අලුතින් ඉදිකෙරෙන කඩ කාමර ලබා දිම සඳහා ප්‍රමුඛතාවයක් දිය හැකි බවත් ඇය කීවාය. 

එහි පැරණි කඩ කාමරයක් හිටපු නාගරික මන්ත්‍රිවරයෙකුටද අයිතියක් ඇති බව පවසමින් අලුතින් නිම කෙරෙන කඩ කාමරයක අයිතිය තමා හටද ලබා දිය යුතු බවත් නාගරික මන්ත්‍රීවරයකු පැවසීය.  පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් කරුණාකීර්ති රුපසිංහ මහතා කියා සිටියේ කඩුගන්නාව නගරය සංවර්ධනය කිරිම මන්ත්‍රි දිසානායක මහතාගේ මැදිහත්විම මත ක්‍රියාත්මක කිරිමට යාම කඩාකප්පල් කර දැමියහොත් සියලු රජයේ අංශ කැදවා ඒ සම්බන්දව ඔවුන් දැනුවත් කර ඒ සදහා සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා බවත්ය. 

73 773 1073 21730 23730