කඩවත්සතර ප්‍රා.ලේ කාර්යාලය තාවකාලිකව වහයි


 
(ඩි.ජී.සුගතපාල)

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය  ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවිම නිසා අද(28) පෙරවරුවේ සිට පුද්ගලයින් ලියා පදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ  එක්දින සේවාව සහ අනෙකුත් සාමාන්‍ය රාජකාරි කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිව නතර කර ඇති බව ගාල්ල දිස්ත්‍රක් ලේකම් කාර්යාලය පවසයි.

මෙම නිලධාරියා ඉකුත් 11 වනදින ගිංතොට උක්වත්ත ප්‍රදේශයේ මළ ගෙදරකට ගොස් ඇති අතර එහිදි කොළඹ සිට පැමිණි අයෙකු සමග මත්පැන් පානය කර ඇති බවත් පසුව කොළඹ පුද්ගලයාට කොරෝනා ආසාදනයවිම නිසා මෙම නිලධාරියා ඇතුලු පිරිසකට පි.සි.ආර්.පරික්ෂණ සිදුකර ඇති බවත් ඊයේ(27) ලැබුන  එම වාර්තාව අනුව මෙම නිලධාරියාට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසිය.

ආසාදිත නිලධාරියා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත යවා ඇත.

මේ අතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් හිමාලි රත්නවිර මහත්මිය පැවසුවේ 30වනදින කාර්යාලයේ සියලුම දෙනා පී.සි.ආර්.පරික්ෂණ සඳහා යොමු කිරිමට පියවර ගන්නා බවය