මාවනැල්ල උතුවන්කන්ද වලකඩයාව වංගුවේද කැබ් රිය ත්‍රි රෝද අනතුරට කඩවත පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සම්බන්ධයක් නැති බවත් එම අනතුර සම්බන්ධයෙන් සැකපිට එහි කඩවත පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපති අනුරුද්ධ විජේසිංහ මාවනැල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන බවත් මාවනැල්ල පොලිසිය කියයි.
අනතුර සිදුවූ පසු ‘‘මම කඩවත ට්‍රැෆික් ඕඅයිසී” යනුවෙන් පවසමින් ඔහු එම ස්ථානයෙන් බැහැරව ගොස් ඇතැයිද මාවනැල්ල උතුවන්කන්දේදී ඔහු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. මේ අනතුරින් කුඩා දරුවකු ඇතුළු එකම පවුලේ පස් දෙනෙක් තුවාල ලදහ.
කැබ් රියේ අඩක් හිස්කළ අරක්කු බෝතලයක් හා බයිට් පැකට් කිහිපයක්ද තිබී ඇත.



