කඩල ඇටෙත් මාරයා


ඇට,ගෙඩි වැනි ද්‍රව්‍ය  කටේ  හිරවීම නිසා  මාසයකදී  කුඩා  දරුවන්  5-10 අතර  ගණනක්  රෝහල්වලට  එතියි  පේරාදෙණිය උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය  සිසිර  බණ්ඩාර ඇතුල්ගම මහතා  පවසයි.

ත්‍රිකුණාමලයේ  වයස අවුරුදු  තුනහමාරක දරුවෙකු ශ්වසන මාර්ගයේ  කඩල ඇටයක්  සිරවී  එය සාර්ථක  සැත්කමකින්  ඉවත්  කළ බව ඇතුල්ගම මහතා කියයි.

උණ්ඩ  වලින්  මිය යන කුඩා දරුවන්ට  වඩා  වැඩි  ප්‍රමාණයක්  ඝන ද්‍රව්‍ය  සිරවී මිය යන බව ද ඔහු  පවසයි.

කුඩා  දරුවන්ගේ  හක්කේ  දත්  වැඩිහිටියන්  මෙන්  නොවැඩි තිබිම නිසා  ඝන ආහාර  ද්‍රව්‍ය  හක්කේ  ඇති  දත්  වලින්  කරන ආහාර  අඹරා   ගැනිම කළ නොහැකි  නිසා  ඉදිරිපස දත් වලින් සපා අපහසුවෙන්  ගිලිම නිසා  සෙල්ලම්  කිරිමට  දෙන උපකරණ වල රේසර් බෝල,බැටරි ආදිය ද ඉතාමත් භයානක ප්‍රතිළුල ගෙන දෙන බවත්  ඇතුල්ගම මහතා  පවසයි.  

L-1-kadala-aetaya-23 L-2-PABALU-AETAYA-8

L-L-kadala-aetaya-1L-5-L-kadala-aetaya-16 L-L-kadala-aetaya-3