ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු සංශෝධනය කිරීමේ සහනය කොළඹ පාසල් අටකට පමණක් සීමා නොකර සෙසු පාසල් වලටද ලබා දෙන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය ඊයේ (22) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හා පාසල් කටයුතු අධ්‍යක්ෂ එහි වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.
කොළඹ රාජකීය විද්‍යාලයයේ වැඩිපුර පන්තියක් පවත්වාගෙන යෑම නිසා පාසල් අටක කඩයිම් ලකුණු අඩු කලාක් මෙන් අනෙත් පාසල්වලද ලකුණු අඩු කළ යුතු බව ගුරු සංගමයේ පැමිණිල්ලේ සඳහන්ය.
දැනට අඩු කර ඇති පාසල් අටේ ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු සංශෝධනය කළ ක්‍රමවේදය ඉදිරිපත් කරන ලෙස ද ගුරු සංගමය ඉල්ලා ඇත.

