කඩන්න ගිය ගොඩනැගිල්ල රකී


කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ පැරණි පාසල් ගොඩනැගිල්ල  පුරාවිද්‍යා වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් ලෙස සංරක්ෂණය කළ යුතු හෙයින් එම ගොඩනැගිල්ල ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස පුරාවිද්‍යා කොමසාරිස්  අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී ඇත.

මෙම ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබූ අතර ආදිශිෂ්‍ය සංගමය සහ සිසුහු ඊට විරෝධය දැක්වූහ.