කඩකාරියගේ දත් කැඩීයැයි රිමාන්ඩ්


කොම්පඤ්ඤවීදියේ කඩයක හිමිකාරිනියකගේ මුහුණට බීම බෝතලයකින් දමා ගසා දත් දෙකක් කැඩීයැයි සැකපිට  මහේෂ් බුද්ධික කස්තුරිආරච්චි ලබන දෙවැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

එම කඩයට පැමිණ බීම බෝතලයක් හා සිගරට්ටුවක් මිලදී ගත් බව කියන සැකකරු සිගරට්ටුව කඩයේ දී බීමට උත්සාහ කරද්දී කඩ  එසේ නොකරන්නැයි කීම නිසා ඇයට බීමබෝතලයෙන් පහර දී අති බව ද  පොලිසිය අධිකරණයට දැන්වීය.