කඨින වස්ත්‍රය සිවුරක් කරන්නේ මෙහෙමයි


පුරාණ චාරිත්‍රනාකුලව පැවැත්වු කඨින පිංකමක කඨින වස්ත්‍රය පඩු පොවා එය සිවුරක් ලෙස සකසා මහා සංඝරත්නයට පුජා කිරිමේ පිංකමක් මාතලේ කයිකාවල කයිනැක ශ්‍රි ඉසිපතනාරාම විහාරස්ථානයේදි පැවැත්විණි.

පුරාණයේ පාංශකුල රෙදි මෙසේ සකස් කරගෙන සංඝරත්නය සදහා චිවරයක් ලෙස සකස් කර පුජා කළ අතර විවිධ ගස් වර්ගවල පොතු සහ වෙනත් දේ උපයෝගි කරගනිමින වර්ණ ගල්වා පඬු ඔරුවෙහි දමා සකස් කර චිවරවරක් ලෙස සකසා මහා සංඝරත්නයට පුජා කිරිම සිදු වන බව බුලත්වත්තේ සුමංගල හිමියෝ පැවසුහ.

මෙම පිංකම ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ අධිකරණ සංඝනායක දේවිල්ලේ දේවරක්ඛිත නායකහිමිගේ අනුශාසනා පරිදි අලකොලමඩ ධර්මාධාර පිරිවෙනේ පරිවෙණාධිපති ගලලියද්දේ අරියධම්ම,මාවනැල්ලේ ධම්මදේව යන හිමිවරුන්ගේ මුලිකත්වයෙන් සිදුවිය. කිවුල නිල්දිය දහර පදිංචි අතුල රත්නසිරි මහතා ඇතුළු පවුලේ අය දායකයෝ වූහ.

කඨින චීවර පූජාව

01

පඬු ඔරුව

2

සිවුර මසයි

3

පඬු පෙවිමට ගන්නා ද්‍රව්‍ය

4

පඬු පෙවිම සදහා වර්ණ සකසයි

5

පඬු පෙවිම ‍පියවරෙන් පියවර

6 7 8 9 10 11 12

සිවුර මහා සංඝරත්නයට පුජා කරයි

15