පැඟිරිතෙල්වලට හා කිතුල් පැණිවලට නමක් දිනා ඇති කටුවන අද එම ද්‍රව්‍යවලට වෙනත් දේ මුසු කිරීම නිසා දේශීය වෙළෙඳපොළ බිඳ වැටී ඇතැයි වෙළඳ ආරංචි කියයි.
කටුවන පැඟිරි කර්මාන්තය අවුරුදු සියයක් පමණ පැරණිය.
දැනට පවුල් 2000ක් පමණ එම කර්මාන්තයේ යෙදී සිටින නමුත් වෙළඳපොළට එන විට පැඟිරි තෙල්වලට නොයෙකුත් දේ මිශ්‍ර කිරීම නිසා එහි අළෙවිය පහත වැටී ඇත.
ඒ අනුව පැඟිරි තෙල් බෝතලයක් රුපියල් සියයකටවත් අළෙවි කළ නොහැකියැයි ඔවුහු කියිති.
කලවම් නොකළ පැඟිරි තෙල්වලට හොඳ ඉල්ලීමක් පවතී.