කටුබැද්දේ දක්ෂයාට ශිෂ්‍යත්වයක්


මොරටුව ,කටුබැද්ද විශ්ව විද්‍යාලයයේ තාක්ෂණික ආයතනයේ පවත්වාගෙන යනු ලබන ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවේ  අති දක්ෂතම සිසුවාට පිරිනැමෙන වාර්ෂික ශිෂ්‍යත්ව පිරි නැමිම පසුගියදා තාක්ෂණික ආයතනයේදි පැවැත්විණී  .

මොරටුව කටුබැද්ද ප්‍රායෝගීක ආයතනයේ කණිෂ්ඨ කාර්මික නිලධාරීන්ගේ සංගමය විසින් මෙම ශිෂ්‍යත්වය පිරිනමයි.

එහිදී දක්ෂම සිසුවාට ස්ථාවර තැන්පතුවක් ඇරැඹිමට රුපියල් 175,000 මුදලක් තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂිකා ප්‍රියංගනී සමරසේකර මහත්මියට පිරිනැමීය.

ඊට අමතරව මේ වසරේ සිටම  එම ශිෂ්‍යත්වය ආරම්භ කිරීමට අවශ්‍යවන අයුරින්  අමතර රුපියල් 10,000 ක මුදල් චෙක්පතක් ද ලබා දීම සිදු කෙරිණී.

ඉංජිනේරු  කේ  එස් කේ පෙරේරා (සභාපති),එම් ඒ පී හේමචන්ද්‍ර,(ලේකම්)සරත් ජයවීර,(භාණ්ඩාගාරික)එස් එම් සත්‍යගාම(උප සභාපති), චිත්‍රා බෝතේජු හා ආචාර්ය ටී ඒ ජී ගුණසේකර යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්වුහ.