
කටුනායක පොලිස් ප්‍රදේශයට හෙට(15) උදෑසන 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධයන ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවල කටයුතු පවත්වාගෙන යා හැකි අතර, ඒ සඳහා පැමිණිය යුතු සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවද යුද හමුදාපතිවරයා පැවසීය.


