වසර තිහකට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම නිසා ජනවාරි 6 වැනිදා සිට මාස තුනක් ගතවන තුරු දිනකට පැය අටක් එම ගුවන්තොට වසා තැබෙන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායකදී පැවසීය.
වැයවන මුදල රුපියල් කෝටි 720කි. ලබන ජනවාරි 06 වැනිදා සිට අපේ‍්‍රල් 05 වැනිදා තෙක් දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ගුවන්තොටුපළ වසා දැමෙන බව ද ගුවන් ගත වීමට පැය පහකට පෙර ගුවන්තොටුපළට පැමිණෙනන ලෙසත් ,ගුවන් මඟින් හැර වෙනත් අය ගුවන්තොටුපළ තුළ ඇතුළු නොකර ගන්නා ලෙසට තමන් උපදෙස් දුන් බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය.
මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමට ගත් ණය වෙනුවෙන් රජය වසරකට රුපියල් කෝටි 360කට අධික ණය වාරිකයක් ගෙවන නමුත් එම ගුවන්තොටුපළින් වාර්ෂිකව රුපියල් මිලියන 10ක ආදායමක්වත් නොලැබෙතියි ඇමැතිවරයා පැවසීය. ණය ගෙවීම සඳහා මාසිකව රුපියල් කෝටි 30ක් ද සේවකයින් 571 දෙනාගේ වැටුප් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 74ක් ද වැයවන බව ද ඇමැති කීය.





