කටුනායක ගුවන්තොටුපළට රොබොටික් පීසීආර් පහසුකම්


 
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත.

‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය පිටුදැකීම සඳහා ජාතික සෞඛ්‍ය සේවය ගන්නා පරිශ්‍රමය ශක්තිමත් කිරීමේ අරමුනින් ඩයලොග් සමාගම මෙම පහසුකම් සලසා තිබේ.

මේ අනුව ඩයලොග් සමාගම රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4,000ක් පරිත්‍යාග කර තිබෙන අතර නව තාක්ෂණික රොබොටික් පී.සී.ආර්. පහසුකම්  මගින් පී.සී.ආර්. පරීක්‍ෂණ සහ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2.5 ක කාලයක් දක්වා අඩුවන බව ද ඩයලොග් සමාගම සඳහන් කරයි.
 
- 055