
(ටී.කේ.ජී.කපිල )
කටුනායක, ඇවරිවත්ත, සුමිත්‍රාරාම විහාරථානයේ පැවති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මධ්‍යස්ථානයට අද ( 18) දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ .
ඒ වනවිට එන්නත් ලබා ගැනීම සදහා පෝලිම් 02ක, ප්‍රදේශවාසීන් 4,000ක් පමණ රැදී සිට ඇත. විහාරස්ථානයේ පවතින හිටි පිළිම වහන්සේගේ ආරක්ෂාව සදහා තනා ඇති , ආවරණ මන්දිරය තුළ මෙම බඹර වද දෙක බැද තිබූ බව පැමිණ සිටි පිරිස් කියති.
ඒ අසළ කුණු ගොඩවල් දෙකක් ගිනි තබා තිබූ අතර , එයින් පිටවන දුමාරය මෙන්ම එන්නත් ලබා ගැනීමට පැමිණි , ප්‍රදේශවාසීන්ගේ කටහඩ ද , මෙම බඹර වද ඇවිස්සීමට හේතු වන්නට ඇති බව , එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිස පැවසූහ . මෙම බඹර ප්‍රහාරය එල්ල වනවාත් සමගම , එන්නත් ලබා ගැනීමට පෝලිම් තුළ රැදී සිටි පිරිස සහ එන්නත් ලබා දෙමින් සිටි නිලධාරීන් පිරිස ද , තම ආරක්ෂාව පතා හිස් ලූ ලූ අත දිව ගොස් තිබුණි .
පසුව කටුනායක පොලීසියේ නිලධාරීන් , එම ස්ථානයට පැමිණ , තත්වය පාලනය කිරීමෙන් පසුව , යළිත් දහවල් 12.00 ට පමණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබුණි . මෙහිදී බඹර ප්‍රහාරයට ලක් වූ කීප දෙනෙකු , වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර තිබේ .


