ශ‍්‍රී ලංකා ආගමන විගමන සේවයට වසර ගනානවක් කැප වී සේවය කළ නිලධාරීන් ඇගයීමට ලක් කර උපහාර තිලිණ ප‍්‍රදානය කිරීමේ උළෙලක් ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කටුනායකදී පැවැත්විණි.
‘එකමුතුවට මං සලසන උත්තම සැණකෙළිය‘ නමින් නම් කොට තිබූ මෙම උළෙල ප‍්‍රත්‍යන්ත කළමනාකරණය හා සම්බන්ධ ඉස්ලාම් භක්තික සහෝදර නිලධාරින් මුල්කොටගෙන පැවැත්වීම විශේෂත්වයක් විය.
මෙහිදී වසර 25 කට වඩා ආගමන විගමන සේවයට කැපවී වැඩ කළ ප‍්‍රධාන ආගමන නිලධාරී එස්.එම් මන්සූර් මහතාගේ ප‍්‍රත්‍යන්ත කළමනාකරණ කටයුතු විශේෂ ඇගයීමකට ලක්වූ අතර ආගමන විගමන සේවයේ නියුතු ඉස්ලාම් භක්තික නිලධාරීන් වෙනුවෙන් උපහාර තිලිනයක් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් ඔහුට ප්‍රදානය කළේය.
විශ‍්‍රාමික නිලධාරීවරුන් දෙදෙනෙකු වන සරත් අබේධීර, ජෙ.එම්.කේ.ඞී ජයසේකර යන මහත්වරුන් විසින් කරන ලද සේවය වෙනුවෙන් උපහාරයට ලකවූ අතර ප‍්‍රධාන ආගමන විගමන නිලධාරී අයි.එන්.ඩබ්ලිව් පෙරේරා සහ ආගමන විගමන සුභසාධක සංගමයේ ලේකම් රසික හේවාවිතාරණ යන මහත්වරුන් මෙහිදී ඇගයීමට ලක් විය.
ශ‍්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයන්ත රත්නායක මහතා ඇතූළු නිලධාරීන් විසින් මෙය සංවිධානය කර තිබුනි.
මෙම අවස්ථාවට ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා, ප‍්‍රත්‍යන්ත කලමනාකරණය හා වීසා කටයුතු පාලක එන්.රණසිංහ, පාලන කටයුතු පාලක කේ.ජී විජේසිරි, නියෝජ්‍ය පාලක තොටුපොළ හා විමර්ශන ආර්.එස්.එල් රාජපක්ෂ, ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයන්ත රත්නායක, ලේකම් අරුණ කණුගල, භාන්ඩාගාරික දිමුතු ගාල්ලගේ යන මහත්වරුන් ඇතුළු ආගමන විගමන සුභ සාදක සංගමයේ නිලධාරීන්, ජාත්‍යන්තර සංක‍්‍රමනිකයන්ගේ සංගමයේ නිලධාරීන් ඇතුළු ආගමන විගමන් නිලධාරීන් රැසක් සහභාගී වූහ.