කටුනායක අධිවේගයේ පාපැදිකරුවකුට නඩු


කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක පිවිසුමෙන් පා පැදියක් ඇතුළු කැර සීදුව පිටවීමේ පිවිසුම දක්වා එය පදවාගෙන ගිය පුද්ගලයකු පා පැදියද සමග අත්අඩංගුවට ගෙන මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෞද්ගලික ඇප මත මුදා හළ බවත් ලබන වසරේ අප්‍රේල් 21 වැනිදා ඔහුට විරුද්ධව නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

කටුනායක පිවිසුමේ රාජකාරි කළ පොලිස් කොස්ථාපල්වරු දෙදෙනාගේ වැඩ තහනම් කළ බව ද  මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.