කටුනායක අධිවේගයේ කෝටි 29ක තඹ හොරු උස්සලා


(යොහාන් භාසුර)

රුපියල් කෝටි 29 කට ආසන්න වටිනාකමින් යුත් තඹ කම්බි කටුනායක අධිවේගී මාර්ගයෙන් සොරු කපාගෙන ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම අධිවේගී මාර්ගයේ තඹ කම්බි, ඇණ සහ විදුලි රැහැන් සොරුන් කපාගෙන යෑම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බව කී එම නිලධාරියා මේ ආකාරයටම සෙසු අධිවේගී මාර්ගවල සහ නව කැලණි පාලමේ ඇණ ගැලවීම සහ තඹ කමිබි කැපීම දැඩි ප්‍රශ්නයක් බව ද සඳහන් කළේය.