කටුනායක අද සිට පැය 8 ක් වැසේ


කටුනායක ජාත්‍යන්තර  ගුවන්  තොටුපලේ ධාවන පථය පුළුල්  කිරිමේ  කටයුතු  අද (6) පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා  ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කැරිණි.

අද (6) සිට  අප්‍රේල් 6 වැනි දා  දක්වා මාස තුනක් පෙරවරු 8.30 සිට  පස්වරු 4.30 දක්වා  ගුවන් තොටුපළ වසා තැබේ.

ගුවන් තොටුපළ වැසීමට  ප්‍රථම අද (6) පෙරවරු 8.13ට  ක්වාලාලාම්පුර් සිට ලංකාවට ගුවන් යානයක් පැමිණි අතර  පෙරවරු 8.21 ට තවත් යානයක් බංගලාදේශයේ ඩකා  බලා  පිටත්ව ගියේය.

ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට  පැය පහකට පෙර ගුවන්තොටුපළට  පැමිණෙන ලෙස දන්වා ඇත.

මින් සිදුවන පාඩුව ඇමෙරිකන් ඩොලර් මිලියන 47ක් (රුපියල් කෝටි 697ක්) වනු ඇතැයි  ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගම සඳහන් කරයි. 

________-________-______-_____ _____-______-__-______-__-____-_____ _______-______-____-_______-______-_____ _______-_____-________-______-____-_____-______-_____-__-___-____-___-____-_____-________-_______-_____-_______-_____-_______-____ _____-8-30-___-____-______-_________-_____-_________ 12100006

ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ