කොළඹ කටුගේ කොල්ලය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවකු මුදා දෙන බව කියා නීතිපති දෙපාර්තමේන්තු නිලධරයකු බව හඟවමින් සැකකරුගේ නෑයකුගෙන් රුපියල් පනස් දහසක් ගත් බවට වරද පිළිගත් සැකකරුවෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවල මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
මුදල් දුන් පසු ද සැකකරු නිදහස් නොකළ නිසා ඒ බව ඔහුගෙන් විමසූ බවත්, ඔහු මුදා ගැනීමට නම් රහස් පොලීසියට ද රුපියල් අසූ දහසක් ගෙවිය යුතු බවත්, උඩුගම අලුත් වත්තේ ගාමිණී කුමාර කම් සැකකරු පැවසූ බවත් පැමිණිලි කාර නෙත්තිගේ රෝෂණ මධුශාන්ත සිය පැමිණිල්ලෙන් කියයි.
නඩු තීන්දුව ජූනි 25 වැනිදාට කල් තැබූ මහේස්ත්‍රාත් ඔහු රුපියල් පනස් දහසක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළේය.
සැකකරු පැමිණිලිකරුට රුපියල් දස දහසක් ද ආපසු ගෙවා ඇත.