කටුගෙයින් කඩු 7කුත් නැතිවේ


16 සහ 17 වැනි සියවස්වලට අයත් කඩු හතක්, රන්බඩු, ඉපැරැණි කාසි තොගයක් කොළඹ කෞතුකාගාරයෙන් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. කෞතුකාගාරය ඇතුළේ සහායක් නොමැතිව එහි ඇතුල් වීමට ඇති ඉඩ කඩ ගැන පොලිසිය සැකකරයි.