කටුගෙයි බඩු අඩුත් නෑ


කොළඹ කෞතුකාගාරයේ සිංහාසන මන්දිරයට ඉහළින් රෙදිපිළි හා මැටි භාණ්ඩ ප්‍රදර්ශන කුටියේ දොර කැඩීයැයි කියන සිද්ධිය ගැන සෙවීමට රජයේ රස පරීක්ෂක ද පොලිස් සුනඛයන් ද යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

එහෙත් සැකකරුවකු අල්ලා ගත නොහැකි විය.

වැඩ බලන අධ්‍යක්ෂිකා සනුජා කස්තුරිආරච්චි මහත්මිය පවසා ඇත්තේ එහි භාණ්ඩවල අඩුවක් නැති බවයි.

මේ දිනවල කටුගෙයි අලුත්වැඩියාවක් ද කරගෙන යයි.