මහනුවර,මිද්දෙනිය හා වැලිමඩ පාසල් තුනකින් කොළඹ කටුගේ බලන්නට ආ සිසුන් 28 දෙනකු ද, ගුරුවරුන් පස් දෙනකු ද, මාපියන් සිව් දෙනකු ද, සුළු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. ලී පියගැට පෙළක් නගිද්දී මේ අනතුර සිදුවී ඇත. ගිරියාගම ප්‍රථමික විදුහල, වැලිමඩ සුමනජෝති විදුහල හා මිද්දෙණිය දඹරැල්ල විදුහල්වල සිසුහු තුවාල ලබා සිටිති.