කටින් ලේ එන්න අම්පයර්ට ගහයි


අම්බලන්ගොඩ ධර්මාශෝක හා දේවානන්ද දෙවිදුහල් වාර්ෂික ක්‍රිකට් තරඟ පැවැත්වෙද්දී ගැටුමක් ඇතිවීමෙන් තරඟය අතර මැද නැවැත්වීමට සිදු විය.

ක්‍රීඩා විනිසුරුගේ තීන්දුවක් සම්බන්ධයෙන් ඇතිවූ මතබේදයක් නිසා ඔහුටද පහරදී ඇතැයි ද ලේ ගලා ගොස් ඇතැයි ද දැනගන්නට ඇත.

උඩ පන්දුවක් රැක ගැක ගත්තැයි නරඹන්නන් කියා සිටියත් එසේ නොවූ බවට විනිසුරු දුන් තීරණයෙන් පසු පිරිසක් පිටියට කඩා වැදී ඇත.

පොලීසිය පැමිණ ගැටුම දුරදිග යා නොදී සාමය රැකීමට පියවර ගත්තේය. අම්බලන්ගොඩ පොලීසියේ සහායට අවට පොලීසිවලින්ද බලෑණි කැඳවුණු ලැබීය.

පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට කිහිප දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.