අපරික්ෂාකාරී ලෙස රිය පදවා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයකුට කටාරයේ දොහා අධිකරණයෙන් මාස හයක සිර දඬුවමක් පනවා ඇතැයි කටාරයේ ශ්‍රී ලංකා තානාපති ආරංචි මාර්ග කියයි.
රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ පවුලේ උදවියට කටාර් රියාල් දෙලක්ෂයක (රුපියල් 7319114.52) වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කර ඇත.
ඔහුගේ රියදුරු බලපත්‍රය ද මාස තුනකට අත්හිටැවිණි.

