කටාර් යානයක් හදිසියේ කටුනායකට බස්සයි


දොහා සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන් තොටුපොළ බලා යමින් සිටි කටාර් ගුවන් සේවයේ යානයක එන්ජිමක තෙල් කාන්දුවක් වෙතියි ඇතිවූ සැකයෙන් එම යානය කටුනායකට ගොඩ බැස්විණි. බොයිං 777-300 යානය ප්‍රශ්නයකින් තොරව කටුනායකට ගොඩ බැස්වූ බවත්, යානයේ වම් පස තටුවේ කාන්දුවක් ගැන වාර්තා වූ බවත් වාර්තා විය.

දොහා සිට කටුනායකට පැමිණි වෙනත් යානයකින් මගීහු පර්ත් බලා ගියහ.

ඒ වන විට යානය පැය 10ක් පමා වී තිබිණි.

කටුනායකට ගොඩ බෑ යානය දොහා බලා පිටත්ව ගිය අතර අලුත්වැඩියාවෙන් පසු යළි ගුවන් ගත කිරීමට පෙර විසි හතර පැයක් දොහා ගුවන් අංගනයේ නතර කැර තැබෙනු ඇත.