ශ්‍රී ලංකාවේ කර්මාන්තපුරයක් ඉදිකිරීමට කටාරයේ ආයෝජකයන් සූදානමින් සිටින බව මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය කියයි.
අමාත්‍ය කබීර් හෂීම්, ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සූදානමින් සිටින එම කටාර් ව්‍යාපාරිකයෝ පිරිස පසුගියදා හමුවුණි,දෙරටේම නියෝජිතයින් මෙම ආයෝජනය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වී තිබේ, තමන් ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු කර්මාන්තශාලාවක් ඉදිකිරීම සඳහාද කටාර් රාජ්‍යය සූදානමින් සිටින බව අමාත්‍යාංශය කියයි.

