කටාරයේදී ලක් මලක් සුවඳ විහිදුවයි


දෝහා කටාර්හි සිරියා ජාතිකයකුගේ මල් හලක වෘත්තීය මාලාකාරියක වන ශ්‍රී ලංකාවේ ඩබ්ලිව්.ඒ.රොශේල් ෂෙහානි  (22) දෝහා කටාර්හි මල් හා එළවළු ප්‍රදර්ශන තරඟාවලියේදී ප්‍රථම ස්ථානය හිමිකර ගත්තාය.

මල්වලට කටාර් රාජ්‍යයයේ ලොකු ඉල්ලුමක් පවතී. ශ්‍රී ලංකාව, ඕලන්දය, නවසීලන්තය වැනි රටවලින් මල් සහ මල් සැරසිලි සඳහා ගන්නා කොළ අතු අපනයනය කෙරේ. කටාරයේ රෝස මලක් රියාල් 6 කි. (රුපියල් 219 ) මල් පොකුරක් රියාල් 300 සිට 850 (රුපියල් 10950 සිට 31000) දක්වා වේ. මගුල් පෝරුවක මල් සැරසිලිවලට රියාල් 4000 (රුපියල් 146000) සිට 5000 (රුපියල් 182550) දක්වා වන මුදලක් වැයකිරීමට සිදුවේ.

01 02 G51T7823 Scan