කටානියා පන්සලට ලෙඩ පිට ලෙඩ


අපේ‍්‍රල් මස  අවසානයේදී සිසිලි බෞද්ධ විහාරය වෙනත් ස්ථානයකට රැගෙන යෑමට සිදුව ඇතැයි මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියෝ පවසති.
විහාරයේ ඇතිවූ අපකීර්තිමත් සිදුවීමක් නිසා කළකිරීමෙන් විහාරස්ථානයෙන් ඉවත් වූ දායකයකු නමට තිබූ විහාරස්ථානය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ කුලී කොන්ත‍්‍රාත්තුව අත් හිටුවීම ඊට හේතුවයි.
ගොඩනැගිල්ල පංසලට නොදෙන ලෙස ඔහු ඉතාලි අයිතිකරුවන් පොළඹවාගෙන ඇතැයි දායක සභාවේ ලේකම් සමන් රත්නායක මහතා කියයි. විහාරස්ථානයෙන් ඉවත්ව ගිය  පිරිස සිසිලි බෞද්ධ විහාරය ගොඩ නැගීමට ප‍්‍රධාන වශයෙන් දායක වූ බවත් විහාරස්ථානයෙන් ඉවත්ව යෑමේදී විදුලි කොන්ත‍්‍රාත්තුව අවලංගු කොට විදුලිය පවා විසන්ධි කර ඇතිබවත් කියයි.
වැරදි කරුවන් විහාරස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති මොහොතක සියලූ දේ අමතක කොට නැවත එකමුතුවන මෙන් රත්නායක මහතා දායකයන්ගෙන් ඉල්ලයි. විහාරය පවත්වාගෙන යෑම සඳහා යළි එම ගොඩනැගිල්ල දෙන ලෙස කටානියා නගරාධිපතිද ඉල්ලා ඇත. එයටද මේ වන විට ස්ථිරසාර විසදුමක් ලැබීනැති අතර යම් හෙයකින් විහාරස්ථානය ඉවත් කර ගැනීමට සිදුවුව හොත් අඩි හයක් උසැති චෛත්‍යය හා අඩි පහළොවක් උසැති බෝගස ඉවත් කර ගැනීම ප‍්‍රශ්නයක් බව ද දායක සභාව පවසයි.