කටහඬින් දුවන රෝද පුටුවක් මොරටු සරසවියේ


 

හිසේ චලනයෙන් සහ කටහඬ යොදා ගනිමින් ගෙළෙන් පහළ අප්‍රාණික උදවිය ගමන් කළ හැකි රෝද පුටුවක් නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු අංශයේ සිසුහු කණ්ඩායමක්  සමත් වී සිටිති.

එම අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ගමගේ මහතා මේ බව පැවසීය.මුල්ම රෝද පුටුව ශ්‍රී ලංකා  යුද හමුදාවට පරිත්‍යාග කළ අතර එය ගෙළෙන් පහළ අප්‍රාණික රණවිරුවෙක් දැනට සාර්ථකව භාවිතා කරයි.

මෙම රෝද පුටුව සැළැසුම් කිරීම සඳහා  බ්‍රැන්ඩික්ස්  ආයතනය ඉලෙක්ට්‍රොනික් රෝද පුටුවක්  ශිෂ්‍යයින්හට පරිත්‍යාග කළේය.

විද්‍යුත් උපකණරයකට සම්බන්ධ කළ  කන් බණුවක් හිසේ පැළැඳි මෙන්  රෝද පුටුවට අණ දෙමින්  ගමන ඇරැඹිම ,නැවැත්විම ඇතුළු ක්‍රියා සිදු කළ හැකිය.

මෙම රෝද පුටුවෙන් ගමන් කිරීමේදී මාර්ගයේ බාධක මඟහරවා ගැනීමටත් හැකියාව සලසන අතිද්වනි  සංවේදන (අල්ට්‍රා සවුන්ඩ්) ඇතුළත් කර ඇත.සීයයට සීයයක්ම මෙම රෝද පුටුව ආරක්ෂාකාරීය.වේගය පාලනය මගහැරවීම යන  සෑම ක්‍රියාවක්ම  ස්වයංක්‍රීයව සිදුවෙයි.

ආචාර්ය චන්දන ගමගේ සහ ලුතිනන් කර්නල් අතුල සමරසිංහ මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ දිමුතු උපේක්ෂ,සමීර නිලුපුල්,චමීර විජයබණ්ඩාර,මිලින්ද ප්‍රනාන්දු,සුනෙත් ගමගේ ,චමිල විජේරත්න,මධුෂි බණ්ඩාර,අකිලා පේමසිරි යන අවසන් වසරේ සිසුහු කණ්ඩායම මෙම නිර්මාණය බිහි කළහ.

akila