අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට පදිංචි එකම පවුලේ තිදෙනකු අද රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. පියා (32) මව (28) සහ පුතා (04) මෙලෙස ඝාතනයට ලක්වූහ. පොලිසිය පවසන්නේ වෙඩි තැබූ ස්ථානයේ ටී 56 හා හා මිලිමීටර 9 උණ්ඩ දක්නට ලැබෙන බවයි. මියගිය තිදෙනාගේ සිරුරු බලපිටිය මූළික රෝහලට ගෙනගොස් ඇත.
ඡායාරූප - දීපාල් සිල්වා