බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් බිග් බෑෂ් තරගාවලිය අතරතුරදී රූපවාහිනී නාලිකාවකට ලබාදුන් සජීවී සම්මුඛ සාකච්ඡාවක් හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් දස ලක්ෂ හතලිස් හතරදහස් හාරසියක පමණ දඩ මුදලක් නියම කිරීමට මෙල්බර්න් රෙනෙගේඩ්ස් ක්‍රීඩා සමාජය ක්‍රියා කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
‘නෙට්වර්ක් 10‘ නමැති රූපවාහිනී නාලිකාවේ මෙල් මැක්ලලින් නිවේදිකාව බිග් බෑෂ් තරගාවලියේ එක් තරගයක් අතරතුර තරගයේ තත්ත්වය පිළිබඳ ගේල්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ
‘මම කැමැත්තෙන් සිටියේ ඔබ සමග සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීමටයි. අද මට ඒ අවස්ථාව ලැබුණා. ඔයාගේ ඇස් මුල්වරට මම දැක්කා. ඒවා හරිම ලස්සනයි. මේ තරගය ජයග්‍රහණයෙන් පසු අපිට එකට බොන්න පුළුවන්. ලැජ්ජා වෙන්න එපා කෙල්ලේ‘ යනුවෙනි.
ඇයට ලජ්ජාවෙන් මූණ රතු කර නොගන්නා ලෙසද ගේල් පවසා තිබිණි. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සිය විරෝධය දක්වා තිබූ අතර පසුව ක්‍රිස් ගේල් මේ සම්බන්ධයෙන් සමාවද ඉල්ලා තිබූ බව වාර්තා විය.


