කට ඇති දූවරු සම්මාන ලබති


ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් පැවැත්වු වැඩසටහනක් කොළඹ කෞතුකාගාර  ශ්‍රවණාගාරයේදී  අද ( 29) පැවැත්විණි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින්  දක්ෂතා දැක්වු  කාන්තාවන් කිහිප දෙනකුට සම්මාන සහතික පිරිනැමු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති  දාතුක් ඒ කුමාර්සර්  මහතා විසින් ඔවුනට සම්මානය පිරිනැමීය.

ගායිකාවන් වන අමරා රණතුංග,ඇන්ජලීන් ගුණතිලක,නිවේදිකා ඉඳුනිල් දිසානායක,මාධ්‍යවේදීනි වසන්තා ශ්‍රියාකාන්ති,.තුෂාරා රණසිංහ සහ අනුලා ඉන්ද්‍රානි යන මහත්මීහු මෙහිදි උපහාර ලදහ.

ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ සභාපති වික්ටර් රණසිංහ,අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දේශප්‍රිය විජේතුංග,අධ්‍යක්ෂිකා ක්ලෝඩියා ඉද්දමල්ගොඩ,අධ්‍යක්ෂිකා  රන්මලී  ගුණවර්ධන යන මහත් මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

karu-news-pix-(3) RDS_0575 RDS_0583 RDS_0588 RDS_0594 RDS_0602