(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ජනාධිපතිගේ කජු කතාවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කීර්ති නාමය සම්පුර්ණයෙන්ම නැතිවුණු බව පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය.
රත්නායක මහතා මේ බව පැවැසුවේ ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත හා ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේදීය.
බිමල් රත්නායක මහතා එහිදී මෙසේද කීය.
‘‘ කෑම බීම අඩුවක් රටපුරා කියාගෙන යන එක වැදගත්කමක් නොවෙයි.වැදගත් මනුස්සයෙක් කෑමක අඩුවක් මෙහෙම කතා කරන්නේ නැහැ.ජනාධිපතිතුමාගේ මේ කතාවෙන් පස්සේ ජනපතිට ශ්‍රීලන්කන් ගුවන් සේවය ජරා කජු දීලා කියලා ලෝකය පුරා මාධ්‍යවල ප්‍රචාරය වුණා.ඒ කතවෙන් ගුවන් සමාගමේ කීර්තිය නැති වුණා.‘‘

