කච්චිමඩුව ජලාශයේ වාන කඩාගෙන යයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කොට්ටුකච්චිය කච්චිඩුව ජලාශයේ වාන කැඩියාමත් සමඟ මෙවර මහ කන්නයේ වගා කර තිබු අක්කර 1000 කට වැඩි වි ගොවිතැන විනාශ වෙමින් ඇති බව ගොවි සංවිධාන පවසයි.

කච්චිමඩුව ජලාශය අක්කර 500 කට වැඩි විශාලත්වයකින් යුක්ත අතර එහි අඩි 210 කින් යුත් දැවැන්ත වාන තුළින් ඇතිවු කුහරයක් හේතුවෙන් කැඩි යාම සිදුව ඇති බව වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්යාලයෙ නිළධාරීන් පවසයි.

කච්චිමඩුව හා කොට්ටුකච්චිය ජලාශ දෙක පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයෙන් වෙන්වි ඇති අතර කච්චිමඩුව ජලාශයෙ වාන් දොරටුව කැඩි යාමත් සමග කොට්ටුකච්චිය ජලාශයෙ අක්කර දහසකට ආසන්න දැවැන්ත ජල කද ද කච්චිමඩුව ජලාශයට ගලා එමින් එකට හා මේ වන විට දැවැන්ත ජල කදක් වි පහත නිම්නයට ගලා එමින් ඇති බව ගොවි සංවිධාන පවසයි.

එසේ ගලා එන දැවැන්ත ජල කදින් මිනිස් ජීවිත වලට හානියක් සිදු නැතත් මෙවර මහ කන්නයෙ කොට්ටුකච්චිය වම් ඉවුර හා දකුණු ඉවුර වල වගා කර ඇති මාසයකට වැඩ ගොයම සහිත අක්කර 1000 කට වැඩි කුඹුරු යාය සම්පුර්ණයෙන් අඩි තුනකට වැඩි ජල කදකින් යටවි ඇති බව ගොවින් පවසයි.

කච්චිමඩුව ජලාශයෙ වාන කැඩි යාමත් සමග පුත්තලම කුරුණෑගල මාර්ගය කොට්ටුකච්චිය ආසන්නයෙන් ජලයෙන් යටවි තිබු අතර ඒ සමගම ගල්කුලම මුරියාකුලම මාර්ගය කොට්ටුකච්චිය රෝහල් මාවත ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ල වී තිබුනී.