කච්චතිව් වැඩේ අත නාරියි


කච්චතිව් දූපත යළි ලබාගැනීම සඳහා ඉන්දීය රජය වහා පියවර ගත යුතු බවට තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉන්දීය රජයට අවධාරණය කරති.

හින්දු පුවත්පත් වෙබ් අඩවිය අද (7) වාර්තාකර සිටියේ ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා පවත්වා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

වංචාවක් සම්බන්ධයෙන් හිරබත් කන ජයලලිතා ජයරාම් හිටපු මහ ඇමතිනියගේ නායකත්වයෙන් යුතු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය මුතුවේල් කරුණානිධිගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය සහ සී.පී.අයි පක්ෂය ඇතුළු තමිල්නාඩු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම ඉල්ලීම කර ඇත. කච්චතිව් දූපත ඉන්දියාවට අහිමිවීම තුළින් තමිල්නාඩු ධීවරයින්ගේ ජීවනෝපායට අහිතකර බලපෑම් එල්ලවන බවද ඔවුහු කියති. කච්චතිව් ලබාගැනීමට තමිල්නාඩු රජය ඉදිරිපත් කළ පෙත්සමක්ද 2011 වසරේ සිට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී.