යාපනය මුහුදු සීමාවට උතුරින් හා ඉන්දීය මුහුදු සීමාවට අතර පිහිටා ඇති කච්චතිව් දූපතේ පිහිටා ඇති ඓතිහාසික ශාන්ත අන්තොනි දේව මංගල්ලය එලඹෙන 21 වනදා පැවත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි නාවික හමුදාව පවසයි.
මෙවර කච්චතිව් ශාන්ත අන්තොනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ඉන්දියාවේ සිට කිතුනු ධීවරයින් ඇතුළු 4000 කට අධික ප්‍රමාණයක් මෙන්ම මෙරට කිතුනු බැතිමතුන්ද විශාල ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි නාවික හමුදාව විශ්වාසය පළ කරයි.
මෙවර පැවත්වෙන වාර්ෂික මංගල්‍යය වෙනුවෙන්ද සියලු පහසුකම් හා ආරක්ෂාව සැපයීමට නාවික හමුදාව පියවර ගෙන ඇති අතර සෙනසුරාදා (20) දිනය පුරා කච්චතිව් දූපතට ඉන්දියාවෙන් හා මෙරටින් බැතිමතුන් පැමිණීමට නියමිතය.
මේ අතර කච්චතිව් ශාන්ත අන්තොනි දේවස්ථාන පල්ලියේ මංගල්‍යය උත්සවය අවසන් වන තෙක් උතුරු මුහුදු සීමාවේ කච්චතිව් ආශ්‍රිත ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් ඉවත් වන ලෙසද තමිල්නාඩු ධීවරයින්ට නාවික හමුදාව දැනුම් දී තිබේ.
මංගල්‍යය සඳහා සහභාගීවන ඉන්දීය බැතිමතුන් ජත්‍යන්තර මුහුදු සීමාව දක්වා ඉන්දීය වෙරළාක්ෂක බලකායේ ආරක්ෂාව යටතේ මෙරටට පැමිණෙන අතර මෙරටදී ඔවුන්ට පුර්ණ ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදෙනු ඇත.

