රුපියල් පන් ලක්ෂ තිස් දහසක් වටිනා මැණික් ගල් තම කකුලේ පිටිපතුලේ අලවාගෙන සිංගප්පූරුව බල යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු බේරුවල ප‍්‍රදේශයේ පදිංචි හතලිස් හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ෙඅත්අඩංගුවට ගනු ලැබූ මැණික් අතර නිල් මැණික්, රතු මැණික් සහ පුෂ්ප රාග තිබූ බවත් එහි කැරට් 102 ක් තිබූ බවත් රේගුව කියයි.
ඔහු ඊයේ සිංගප්පූරුව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී සහකාර රේගු අධිකාරී එච්.එන්.සී ශ්‍යාමාල් මහතාට ඇති වූ සැකයක් මත පරික්ෂා කිරීමේදී පැකට් 04 කට දමා පාද වල අලවාගෙන තිබූ මෙම මැණික් ගල් සොයාගෙන ඇත. සැකකරු මෙම මැනික් ගල්පැක්ට් පාදයේ උඩුපැත්තේ අලවා ඊට උඩින් මේස් පැළඳ සිටි බව රේගුව කියයි.
මේ පිළිඳව රේගු පරික්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් පේ‍්‍රමරත්න මහතා විසින් මැණික් ගල් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් ලක්ෂයක් දඩ නියම කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරී එම්.ඒ.සී.එන් රසිඳු මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී එච්.එන්.සී ශ්‍යාමාල් යන නිලධාරීහු සිදු කළහ.