කක්කුටු කතාවකින් විල්ගමුව නාමිණිඔය මැදිමහ විදුහලේ ගුරුවරුන් ලබන සඳුදා සිට වැඩ වැරීමට සැරසෙයි.
බැතිගී ප්‍රසංගයකදී කලාප අධ්‍යක්ෂ හැරිස් අලංගොඩ මහතා කළ කතාවකින් මේ ප්‍රශ්නය මතු වී ඇත.
ගුරුවරු ද, සිසුහු ද පොසොන් බැතිගී ඉදිරිපත් කළහ. ගුරුවරු පරණ ගී ගැයූහ. ළමෝ අලුත් ගී ගැයූහ.
අධ්‍යක්ෂවරයා පැවසූයේ ළමයින් අලුත් දේ සොයද්දී ගුරුවරු එසේ නොකළ බවයි. කක්කුට්ටන් හරහට යමින් පැටවුනට කෙළින් යන්නැයි කීමේ කතාවද ඔහු සිහිපත් කළේය.
පාසල පුරා කක්කුටු කතාව පැතිර ගියේ ඒ ආකාරයටය. එයින් තමන් සරදමකට ලක්වී ඇතැයි ගුරුවරු කියති. කතාව ඉල්ලා අස් කර ගත යුතු බව ද ඔවුහු කියති.
අධ්‍යක්ෂවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.