කංසා ගැන ආදී වාසී නායක සාංකාව පළවේ


මෙරට දේශිය ඖෂධ අතර වටිනාම පැලෑටියක් වන  කංසා  ශාඛය  වැඩීම තහනම් කර වු  බටහිර ජාතින් දැන් ඒවා ඔවුන්ගේ  රටවල වගා කරගන්නා බවත් මෙරට ආණ්ඩු  ඊට වගකිව යුතු බවත්  ආදී වාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ  කියයි.

එමෙන්ම සුව කළ නොහැකි  ඇතැම් රෝගීන් ශල්‍ය කර්ම වලට  ලක් කැර සැණින් මිය යන නමුත් බටහිර වෙදුන් මවිත කළ හැකි  පරිදි දරුණු රෝගාබාධ පැය කිහිපයකින් සුව කළ හැකි  දේශිය වෙදකම පරිහානියට පත් කිරීම  අපරාධයක් ද ඔහු ප්‍රකාශ කළේය.

ලංකා පාරම්පරික සිංහල වෙද සංගමය මගින් පවත්වනු ලබන  මුල්ම සමුළුව ට එක් වෙමින්  වන්නිල ඇත්තෝ  මේ බව කීය.

මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණු වැවේ  ධම්මරතන නාහිමියන්ගේ  අනුශාසනා පරිදි  එම විහාරස්ථානයේදී පැවැත්විණි.

ආදී වාසී නායකයා මෙසේද කීහ.

මේ ඇත්තන්ගේ රට පොජ්ජ පරම්පරා පොජ්ජෙන්  මංගච්චන මේ වෙදකම් පොජ්ජට මන්දු වන වෙච්ච එක ගැනම මේ ඇත්තෝ මාව  මාව කැච්චත් සතුටුයි,තැනින්ම මන්දු වුණා යනුවෙන් කතාව ඇරැඹු ඔශුගේ කතාව සම්පුර්ණ සිංහලෙන් මෙසේය.

මේ ගැන මට කියන්නට ඇත්තේ මේ පරම්පරාවේ වෙදකම කියන එක මේ අයගේ ආදී කාලේ ඉදන් මුල් බැසගත් සාර්ථක වෛද්‍ය ක්‍රමයක් බවයි.