කංගනා කියන්නේ බොලිවුඩ්යේ ඉන්න දක්ෂ හා චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට ඉහළ මිලක් අය කරන නිළියක්. ගිය අවුරුද්දේ කංගනාගේ "ටනු වෙඩ්ස් මනු රිටන්ස්" චිත්‍රපටය කවුරුත් බලාපොරොත්තු නොවුන විදිහට ඉන්දය කෝටි 250කට වැඩි මුදලක් උපයා ගත්තා.
ඒ අතරේ හිමිහිට තමන්ගේ අය කිරීමත් ඉහළට දාගන්නට කංගනා හැකිවුණා. කොහොම වුණත් කංගනාට පසුගිය සතියේදී ටිකක් විතර ලැජ්ජ හිතෙන වැඩකට මුහුණ දුන්නා. මෙයා කෙනෙකුට ටිකක් සැරට බණින වීඩියෝවක් හොරෙන් කෙනෙක් රූපගත කරලා. ඒ විතරක්ද ඒක අන්තර්ජාලයටත් දාලා. මේ වීඩියෝ එක්ක දැක්ක කංගනාට ටිකක් විතර කෙන්තියක් ආවා වගේම දුකකුත් හිතුණාලු.
ඒ සිද්ධිය පිළිබඳව ඉන්දීය මාධ්‍යයට අදහස් දක්වමින් කංගනා කියලා පසුගියදා අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයකටම ඒ සිදුවීම් පිළිබඳව විස්තර කියලා. ඒ සිදුවීම වෙලා තියෙන්නේ 2013 අවුරුද්දේ Femina සඟරාවේ මාර්තු කලාපයේ ඡායාරූප ගත්ත වෙලාවේ කියලා තමයි කංගනා කියන්නේ. වීඩියෝව කෙනෙකුට බණින විදිහට දැක්කාට කංගනා කියන්නේ එහෙම දෙයක් එතැන වුණේ නැහැ කියලා.
ඒත් කංගනාට ගොඩක් දුක හිතිලා තියෙන්නේ මේ වීඩියෝව කංගනා පෙනී ඉන්නේ කෙටි ඇඳුමකින් සැරසිලා හින්දාලු. ඔන්න ඔය ගොල්ලොත් බලන්නකෝ වීඩියෝව පහළින් තියෙනවා.
බුද්ධික සේනාධීර

