අද මධ්‍යම රාත්‍රියේ සිට ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමට අදාළ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අත්සන් තැබීය.
සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, ප්‍රධාන වියාක නිලධාරි කමල් ජයසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය ලාල් පනාපිටිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.