පරිගණක ගත කළ ඖෂධ දත්ත පද්ධතිය පළාත් සභා රෝහල් සදහා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු අදියර ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී ඇරැඹිණි.
සෞඛ්‍ය සේවාව සදහා අවශ්‍ය 20,000 කට අධික ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයුම් ජාලය විධිමත් කිරිම සදහා නව මෘදුකාංගයක් හදුන්වා දෙමින් ඖෂධ හිගයකින් තොරව සැපයීම සදහා මධ්‍යම රජයේ රෝහල්වලට පළමුව මෙම ඖෂධ දත්ත පද්ධතිය මෙලෙස හඳුන්වා දුන්නේය.
එහිදී මධ්‍යම රජය යටතේ පවතින රෝහල් 50 ක සහ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් ගබඩා 26 ක දත්ත පද්ධතිය ක්‍රියාත්මක කරමින් ඖෂධ හිඟයකින් තොරව සැපයීමට කටයුතු කර තිබු අතර පළාත් සභා රෝහල්වලට ව්‍යාප්ත කිරීම යටතේ රෝහල් 400 කට, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 338 කට සහ මධ්‍යම බෙහෙත් ශාලා 600 කට පද්ධතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සැළසුම් කර තිබේ.
මෙමගින් ඕනෑම රෝහලක ඖෂධ හිඟයක් ඇතිවුවහොත් ළඟම පිහිටි රෝහලෙන් එය ලබාගැනීමේ අවස්ථාව රෝහල් අධ්‍යක්ෂවරයාට හිමිවේ.
මෙම සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් ඇරැඹිණි.
(36698)