(අංජුල මහික වීරරත්න)
ඕනෑම ඖෂධයක් පරීක්ෂා කරගත හැකි SLADA දුරකථන යෙදුම නුදුරේදීම එළි දැක්වීමට නියමිත බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පවසයි.
ඒ ඔස්සේ තහනම් ඖෂධ සහ භාවිත කළ හැකි ඖෂධ පිළිබඳව සරලව අවබෝධයක් ලබා ගත හැකි බව ද එම ආයතනය පවසයි.
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා සිංහල මාධ්‍ය ජාත්‍යන්තර පාඨමාලාව අද (28) ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ දී එළිදැක්වීමේ අවස්ථාවේදී මෙම කරුණ සඳහන් විය.
මෙම පාඨමාලාව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් සකසන ලද පිරිසිදු ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර පාඨමාලාව ඔන්ලයින් පාඨමාලාවකි.
එය අවසානයේ දී පිළිගත් සහතික පත්‍රයක් ලබාදීම සිදු කෙරේ.
මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩකාවන්ට පාසල් සිසුන්ට මෙන්ම දැනුම අවබෝධය ලබා ගැනීමට කැමති ඕනෑම අයෙකුට සඳහා සම්බන්ධ විය හැකි බව අමාත්‍යාංශය කියයි.
මෙම අවස්ථාවට එක් වූ තරුණ කටයුතු සහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ රජය මැදිහත්වී තහනම් උත්තේජක භාවිතය අවම කරමින් පවතින බවයි.
පාසල් සිසුන්ටද මේ පිළිබඳව අවබෝධය ලබා දෙන වැඩසටහනක් සැලසුම් කිරීමට යෝජනා වී ඇති බවත්, මෙරටට අවශ්‍ය පිරිසිදු ක්‍රීඩාව ඒ ඔස්සේ ගොඩනැගිය හැකි බවත් තරුණ කටයුතු සහා ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට මෙරට කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති ලලීශ කහටපිටිය, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ශිරෝමි පිලපිටිය මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.