ඖෂධ ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පාරට බසිති


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට ගමන් ආරම්භ කර තිබේ.

අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිව සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම, ජන ජීවිතය ඇති අවදානම සහ සෞඛ්‍ය සේවාව කප්පාදු නොකරනු යන කරුණු මුල් කර ගනිමින් මෙසේ විරෝධතා පවත්වනු ඇත.

මෙම විරෝධතාවය හේතුවෙන් ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට සුළු රථ වාහන තදබදයක් ඇති වී තිබේ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)