ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පර්ත්හිදී අද (03) පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 54 ක ජයක් ලැබූ ඕස්ටේ‍්‍රලියානු පිල 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට ගැනීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියාව ලකුණු 98 කට කඩුලූ 6 ක් දැවී සිටියදී ජෝජ් බේලි විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 110 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 125 ක් රැුස්කරමින් ලකුණු 266 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.
මිචෙල් ස්ටාක් දක්‍ෂ පන්දුයැවීමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලූ 5 ක් දවාගනිමින් ජයග‍්‍රහණය පහසු කළේය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 7 ට 266
(ජෝජ් බේලි නොදැවී 125, ජේම්ස් ෆයුල්ක්නර් 39, පිලිප් හියුස් 21, ඩැරන් සැමී 48/3)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 38.1 කදී 212
(කිරන් පවෙල් 83, ඞ්වේන් බ‍්‍රාවෝ 45, සුනිල් නරීන් 24, මිචෙල් ස්ටාක් 32/5, ග්ලෙන් මැක්ස්වෙල් 63/4)