ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කැන්බරාහිදී අද (06) පැවැති තෙවැනි තරගයෙන් ලකුණු 39 ක ජයක් ලැබූ ඕස්ටේ‍්‍රලියානු පිල 3 - 0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ස්ථිර කරගැනීමට සමත් විය.
ෂේන් වොට්සන් පන්දු 111 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 122 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 7 ට 329
(ෂේන් වොට්සන් 122, අරෝන් ෆින්ච් 38, පිලිප් හියුස් 86, ජෝජ් බේලි 44, ඩැරන් සැමී 49/2, සුනිල් නරේන් 55/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 47.3 කදී 290
(කිරාන් පවෙල් 47, ඩැරන් බ‍්‍රාවෝ 86, ඞ්වේන් බ‍්‍රා්වෝ 51, ඇන්ද්‍රි රසල් 43, ක්ලින්ට් මැකේ 62/2, ජේම්ස් ෆායුක්නර් 48/4)