ඕස්ටේ‍්‍රලියාව තරගාවලිය 2-2 කින් සමව නියම කරයි


ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී අද (23) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන්  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 32 ක ජයක් ලැබීමත් සමග තරගාවලිය 2-2 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.
ලකුණු 248 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215 කට සීමා කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නෝ සමත් වූහ.

ඕස්ටේ‍්‍රලියාව  ඕවර 50 කදී කඩුලූ 5 ට 247

(පිලිප් හියුස් නොදැවී 138, මැතිව් වේඞ් 23, ජෝජ් බේලි 17, ඬේවිඞ් හසී 34)

ශ්‍රී ලංකාව  ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 215

(මහේල ජයවර්ධන 38, තිලකරත්න ඩිල්ෂාන් 19, ඇන්ජලෝ මැතිව්ස් 67, කුසල් ජනිත් 14, ජීවන් මෙන්ඩිස් 26, නුවන් කුලසේකර නොදැවී 13, සේවියර් ඩොහර්ටි 21/3, මොයිසිස් හෙන්ද්‍රික්ස් 32/3, ක්ලින්ට් මැකේ 50/2, මිචෙල් ජොන්සන් 45/2)