ඕස්ටේ‍්‍රලියාව ජයග‍්‍රහණයට ලකුණු 137 ක් පිටුපසින්


එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටෙ‍්‍රන්ට්බි‍්‍රජ් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු තරගයේ සිවුවැනි දිනය වූ අද (13) පස්වරුවේ ක‍්‍රීඩාව නරත කරන විට ලකුණු 311 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹායන  ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 174 රැස්කරමින් ලකුණු 137 ක් පසු පසින් සිටියේය.

සිවුවැනි දිනය අවසන් වන විට බ‍්‍රැඞ් හැඩින් (නොදැවී 11) සහ ඇෂ්ටන් ආගර් (නොදැවී 01) පන්දුවට පහර දෙමින් සිටියහ. පළමු ඉනිමේදී අංක 11 පිතිකරු ලෙස ලකුණු 98 ක් රැස්කරමින් ලෝක වාර්තාවක් පිහිටුවූ කෝඩුකාර ඇෂ්ටන් ආගර් උසස්වීමක් ලබමින් අංක 8 ස්ථානයේ පන්දුවට පහර දෙයි.

ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 161 ක් රැස්කර ශක්තිමත් තත්ත්වයක සිටිය ද, ලකුණු 4 ක් තුළ කඩුලූ 3 ක් බිද වැටීමෙන් ලකුණු 164 ට කඩුලූ 6 ක් බවට පත්ව එංගලන්තය නැවතත් තරගයට අවතීර්ණ විය.
එංගලන්ත පිල දෙවැනි ඉනිමේදී ලකුණු 375 ක් රැස්කරමින් ලකුණු 310 ක් පෙරමුණට පැමිණීමට සමත් විය.

එංගලන්ත පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 215 (ජොනතන් ට්‍රොට් 48, පීටර් සිඞ්ල් 50/5) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 375 (ඇලෙස්ටියාර් කුක් 50, කෙවින් පීටර්සන් 64, ඉයන් බෙල් 109, මැතිව් ප‍්‍රයර් 31, ස්ටුවට් බ්‍රෝඞ් 65, මිචෙල් ස්ටාක් 81/3, ඇෂ්ටන් ආගාර් 82/2, ජේම්ස් පැටින්සන් 101/2, පීටර් සිඞ්ල් 85/3)

ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 280 (ස්ටීවන් ස්මිත් 53, පිලිප් හියුස් නොදැවී 81, ඇෂ්ටන් ආගර් 98, ජේම්ස් ඇන්ඩසන් 85/5, ස්ටීව් ෆින් 80/2, ගේ‍්‍රම් ස්වාන් 60/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6ට 174 (ෂේන් වොට්සන් 46, ක‍්‍රිස් රොජර්ස් 52, මයිකල් ක්ලාක් 23, ස්ටුවට් බ්‍රෝඩ 34/2, ගේ‍්‍රම් ස්වාන් 64/2)

 

 

කි‍්‍රස් රොජර්ස්