ඕස්ටේ‍්‍රලියාව 5-0 කින් කොදෙව් පිල පරදවයි


ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 5-0 කින් ජය ලැබීමට  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ සමත් වූහ. මෙල්බන්හිදී අද (10) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ද  ඕස්ටේ‍්‍රලියාව ලකුණු 17 ක ජයක් ලැබීය.

 

ඕස්ටේ‍්‍රලියාව  ඕවර 50 යේදී කඩුලූ 5 ට 274

(පිලිප් හියුස් 29, ෂෝන් මාෂ් 40, ඇඩම් වෝග්ස් නොදැවී 112, බ‍්‍රැඞ් හැඩින් 43, ජේම්ස් ෆයුක්නර් නොදැවී 31, ටීනෝ බෙස්ට් 71/2, ඞ්වේන් බ‍්‍රාවෝ 62/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 49.5 කදී 257

(ජොන්සන් චාල්ස් 100, ඩැරන් බ‍්‍රා්වෝ 33, කිරාන් පොලාඞ් 45, ඩැරන් සැමී 23, ක්ලින්ට් මැකේ 52/3, මිචෙල් ජොන්සන් 50/3)